කඩවත ඉඹුල්ගොඩ කෝටි ගණනක භාවනා මධ්‍යස්ථානයක් ඇති බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පෙන්වන ලද භාවනා මධ්‍යස්ථානය මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ නොවන්නක් බවත් ඊට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සම්බන්ධයක් නොමැති බවත් මහමෙව්නාව භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම ඉදිකරගෙන යන භාවනා මධ්‍යස්ථානය මහමෙව්නාවට හෝ ඤාණානන්ද හිමියන්ට අයත් බවට අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කෙරෙන බවත් එය අසත්‍ය පුවතක් බවත් මහමෙව්නාව අවධාරණය කරයි.


