‘රන් සටන’ ජය පැරදුමෙන් තොරව නිමයි


කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පී. සරවනමුත්තු  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවති හත් වැනි ‘රන් සටන’ ඞී. එස්. සේනානායක විදුහලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව අවසන්විය.

ඊයේ දිනය ආරම්භ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි මහානාම විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටියේය. ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම සඳහා ලකුණු 229 ක් ලබාගත අතර ඊට පිළිතුරු වශයෙන් මහානාම විදුහලට පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170 ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් මහානාම විදුහලේ නායක පවන් දේවින්ද පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඞී. එස්. සේනානායක විදුහලට ආරාධනා කළේය.

මහානාම විදුහලේ වමතින් පා දඟ පන්දු යවන කී‍්‍රඩක දිනුක චමත් පළමු ඉනිමේදී ලකුණු 90 කට දවාගත් කඩුලූ 9 ත් සමගින් සමස්ත තරගයේදීම 118 කට කඩුලූ 12 ක් දවාගැනීමට සමත්විය.

චමත්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඞී. එස්. සේනානායක විදුහලේ පළමු ඉනිමේ කඩුලූ එක පිට එක දැවී යද්දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හරිත් මධුවන්ත සහ සුචින්ත කරුණාරතත්න තම කණ්ඩායමේ මුලූ ලකුණු ප‍්‍රමාණය 253 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූහ.
 
හරිත් මධුවන්ත ලකුණු 58 ක් ලබාගත්තේ පන්දු 120 කට මුහුණ දෙමිනි. ඔහුගේ සුපරික්ෂාකාරී ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සුචින්ත කරුණාරතත්න පන්දු 93 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 53 ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 254 ක ඉලක්කයක් හඹා ගිය මහානාම විදුහලේ එකම සාර්ථක පිතිකරුවා වූ සුබුද්ධි කෞශල්‍ය ලකුණු 68 ක් ලබා ගත් අතර ඔවුන්ගේ ඉනිම වැනසූ ඞී. එස්. සේනානායක විදුහලේ බිනුර ප‍්‍රනාන්දු ලකුණු 40 කට කඩුලූ 5 ක් දවාලීමට සමත්විය.

ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 253 (හරිත් මධුවන්ත 58, සුචින්ත කරුණාරතත්න 53, උවින් බණ්ඩාර 47, ෂිෆ්රාන් මුතාලිෆ් 33, දිනුක චමත් 90/9) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 89 (කනිෂ්ක ප‍්‍රශාන් 25, අකීල් ඉන්හාම් නොදැවී 21, නයන ප‍්‍රභාත් 8/2, දිනුක චමත් 28/3)

මහානාම විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 170 (පවන් දේවින්ද 10, ගිහාන් සංජීව 25, සුබුද්ධි කෞශල්‍ය 68, නවීන් සිල්වා 16, බිනුර ප‍්‍රනාන්දු 40/5, හරිත් මධුවන්ත 46/2, සුපුන් මධුසංක 17/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ක් දැවී 41 (තරංග මධුසංක නොදැවී 16)