‘රතුපස්වල වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘


‘රතුපස්වල සිද්ධිය වෙලා දැන් දවස් ගාණක්.  පිළියම් යොදනවා කිව්වට තවම ස්ථිර විසඳුම් ලැබී නෑ. ඒ නිසා වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.

‘එක පැත්තකින් කියනවා ආයතනය වහන්න කිවූ බව. ආයෝජන මණ්ඩලෙන් කියනවා ආයතනය එතැනින් ඉවත් කරගන්න කියා දැනුම් දුන්නේ නැති බව.

රතුපස්වල ඇතිවුණු මේ සිද්ධිය යට ගහන්න දැන් විවිධ උත්සාහයන් දරනවා. ආණ්ඩුවේ පිරිස් කියනවා මේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙනවා කියා. පරීක්ෂණ අවසානයේ නිගමනවලට එළඹෙන්න පුළුවන් කියනවා.

එහෙම කියන ගමන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා. එතැන සටනක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ බව කියනවා. පරීක්ෂණ ඉවර නැත්නම් කොහොමද එහෙම කියන්නේ. එතැනම පරස්පරයක් තිබෙනවා.‘

 

මෙවැනි මෝඩ තර්ක ඉදිරිපත් කරමින් ප්‍රශ්නය යට ගහනවා.

අපි ආණ්ඩුවට කියනවා බොරු බේගල් කියන්නේ නැතිව රතුපස්වල ජනතාවට යුක්තිය ඉටු කරන්න කියා.

සාක්කි ගන්න හමුදා කඳවුරුවලට එන්න කියා සිතාසි නිකුත් කර තිබෙනවා. සිතුසි නිකුත් කර ජනතාවගෙන් සාක්කි ගන්න හමුදාවට බෑ.