ඌව ඡන්දය දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දුන් බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.
මෑතකදී ආන්දෝලනයක් ඇති වූ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ලංකාදීප එසැණ සමඟ සමූඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එලෙස කීවේය.
ලංකාවේ සිදුවන අපරාධවල අඩුවක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වාහනයකට දඩ කොළයක් දුන් පොලිස් කොස්තාපල්ගේ සිද්ධිය, හාලිඇළ දී මාධ්‍යවේදියකුට පහර දීම, පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැකකරුවන් මිය යෑම, බොරැල්ලෙන් ඇල්ලූ විස්කි බෝතල් අතුරුදන් වීම, හම්බන්තොට දී පිස්තෝලයක් අතැතිව සිටි නගරාධිපති, රත්නපුරදී කාන්තාවකට පහර දීම සහ පොලිසියේ උසස්වීම් ඇතුළු සිද්ධි කිහිපයක් ගැනම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු දැක්වීය.
අජිත් රෝහණ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

