මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට බරපතළ පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය.
හදිසි නියං හා වියළි කාල-ගුණ තත්ත්වය යටතේ පානීය ජල අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ශ්‍රී ලංකා නෙක්ස්ට් : නීල හරිත යුගයක්‘ පාරිසරික සමුළුව සහ ප්‍රදර්ශනයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
හදිසියේ ඇති වූ මේ තත්ත්වය හේතුවෙන් ජල බවුසර් හිඟයකට මුහුණ දී සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.





