‘රටේ සාමයට සමෘද්ධියට උතුරේ මතයත් වැදගත්‘ - ඇමෙරිකාව


ශ්‍රී ලංකාවේ කළ යුතු තවත් බොහෝ දේ තිබෙන බවත්, ශ්‍රී ලංකාවට සියලු ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ ක්‍රියාවලියේ හවුල්කරුවකු ලෙස කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවත් දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකා ලේකම් නිශා බිස්වාල් අද දෙදින නිල සංචාරය හමාර කරමින් කියන්නීය.

ඉකුත් ජනවාරි අට වැනි දා පැවැති මැතිවරණයෙන් පසු ලාංකික ජනතාව ළඟ කරගත් ඓතිහාසික ජයග්‍රහණයේ උද්යෝගය හා සුබවාදී හැඟීම් දක්නට ලැබුණු බව ද, ප්‍රතිසංධාන වැඩපිළිවෙළ ඔස්සේ ලංකාවේ සාමකාමී හා ජාතික සන්ධානයේ දෘෂ්ටිකෝණය ද වැදගත් බව ද පවසන්නීය.

අපේම ශ්‍රී ලංකාව සාමකාමී, සමෘද්ධිමත් අනාගතයක් කරා යන ගමනේ දී නව රජය සමඟ කටයුතු කිරීමට ඇමෙරිකා රජයේ කැමැත්ත පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව ද ඇය පවසන්නීය.

මුදල් ඇමැති රවී කරුණානායක ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල්ට ආප්ප සංග්‍රහයක් කළේය. බිස්වාල් පැවසුවේ එම රාත්‍රී භෝජනය අනර්ඝ බවයි. ‘මං ආප්ප කෑවේ ජීවිතේ පළමු වතාවට.‘

B83kTSwCIAA22Oj.jpg-large