‘ තව පැය හතලිස් අටකට පසු මේ රටේ ප්‍රධාන මහජන සේවකයා තෝරා පත් කර ගන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු මංගල රැලිය පොළොන්නරුවෙන් ආරම්භ කළ අපි අවසන් රැලිය මැද කොළඹ ආසනයේ පවත්වනවා.‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මැද කොළඹ දී පැවැති අවසන් ප්‍රචාරක රැලියේ දී කීවේය.
‘මේ රටේ සියල්ල පවුල් පාලනය යටතට ගත්තා. සංවර්ධනය ව්‍යාපෘතිවලට වැය වූ මුදලෙන් තුනෙන් දෙකක් ගසා ගත්තා. ඒ පාලනය අපි අට වැනි දා අවසන් කරනවා. නව වැනි දා අපි ජයග්‍රහණය කර රටේ වෙනසක් ඇති කරනවා. ‘

