රටේ ලොකුම ප්‍රශ්නය පරාජිත මන්ත්‍රීන් පත් කිරීමදැයි ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
මනාපයෙන් ජය පැරදුම තීරණය කළ නොහැකි බව ද ඔහු පැවසීය.
පසුගිය මහ මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් විය.
තව වසර පහක් හයක් ඇතුළත මෙරට භූගත ගෑස් සම්පත භාවිතයට ගැනීමට හැකිවනු ඇතැයි ඛනිජතෙල් සහ පෙට්‍රෝලියම් වායු සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එම මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය. තෙල් මිල සඳහා මිල සූත්‍රයක් කඩිනමින් හදුන්වාදීමට කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.
‘පසුගිය මහ මැතිවරණයේ දී පරාජය වූ ශ්‍රී ල.නි.ප අපේක්ෂකයින්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර ලබාදී අමාත්‍යධූරත් ලබාදුන්නා. දැන් තවත් පැරදුණු තිදෙනෙකුට විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරු ලබා දී තිබෙනවා. ඇයි ජනතාව ප්‍රතික්ෂේප කළ අයටම තනතුරු දෙන්නේ?‘ යැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
චන්දිම වීරක්කොඩි - ‘පෞද්ගලිකව මටත් මේ ප්‍රශ්නය තිබෙනවා. ඒත් අපි ඉතිහාසය සලකා බැලූවොත් 1988 මැතිවරණයෙන් පසු අගමැතිවරයා ලෙස ලලිත් ඇතුළත්මුදලි මහතා හෝ ගාමිණී දිසානායක මහතා පත්වනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණා. ඒත් රණසිංහ ප්‍රේමදාස මහතා ඩී.බී විෙජ්තුංග මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබා දී ඔහුට අගමැතිධූරය දුන්නා. ජාතික ලැයිස්තුවේ නම ඇතුළත් නොවී මැතිවරණයටවත් තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් ආ අය ගැන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
විජිත් විජිතමුණි සොයිසා - ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මුලින් පාර්ලිමේන්තුවට ආවේ එහෙමයි.
ප්‍රශ්නය - ඡන්දයට ඉදිරිපත් නොවී ආ අය පත්කිරීමට වඩා ජනතාව ප්‍රතික්ෂේප කළ අය පත්කිරීම වැරදියි නේද?
සොයිසා - මෙය දැන් පිළුණු වූ ප්‍රශ්නයක්. හෝද හෝද මඩේ දැමිය යුතු නැහැ. මනාපයෙන් දිනුම පැරදුම හොයන්න බැහැ. එයින් පැහැදිලි ජනමතය ප්‍රකාශ වෙන්නේ නැහැ. මනාපයේ දිනුම් පැරදුම් නැහැ. තිබෙන්නේ ලැයිස්තුවක් පමණයි. ලැයිස්තුවේ ප්‍රමුඛතාව අනුව අපිත් කවුරුන් හෝ නැති වුණොත් පාර්ලිමේන්තු යන්න සුදුස්සන් ලෙස ඉන්නවා. මේකද රටේ ලොකුම ප්‍රශ්නේ.‘
වීරක්කොඩි - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණයට තරග කළ ඒත් තේරී පත්නොවූ අයත් ජාතික ලැයිස්තුවෙන් පත් කළ හැකියි. ඒ නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ.
ප්‍රශ්නය - ‘ඒත් එක්සත් ජාතික පක්ෂය පැරදුණු අයව එලෙස පත් කළේ නැහැ. එහෙම කරන්න නම් මැතිවරණ පවත්වන්නේ මොකටද?
සොයිසා - අපේ පක්ෂය වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය කරන විදියට නෙවෙයි.
ප්‍රශ්නය - දැන් පැරදුණු අයට තවත් තනතුරු දීමේ අරමුණ මොකක්ද?
වීරක්කොඩි - ඡන්දයෙන් පැරදීම හෝ මනාප අඩුවීම තනතුරක් දැරීමට නුසුදුසුකමක් නෙවෙයි. සුදුසුකම් තිබෙන අයට තනතුරක්දීම වරදක් නෙවෙයි.
ප්‍රශ්නය - ඔබ කියන ආකාරයට විශේෂ ව්‍යාපෘති අධ්‍යඬ තනතුරු ලබා දීමේදී සලකා බැලු සුදුසුකම් මොනවාද?
වීරක්කොඩි - මම ආවේ බඳවාගැනීමේ පටිපාටිය හෝ සුදුසුකම් කියන්න නෙවෙයි. සුදුසු නිසයි තනතුරු දී තිඛෙන්නේ.
ප්‍රශ්නය - මුදල් ඇමතිවරයාට එරෙහිව ශ්‍රී ල නි පක්ෂය නියෝජනය කරන කණ්ඩායම ගෙන ඒමට යන විශ්වාසභංග යොජනාවට ඔබතුමාලාත් අත්සන් කරනවාද?
වීරක්කොඩි - මට එවැන්නක් ගැන දැනුම්දීමක් කරලා නැහැ.
ප්‍රශ්නය - ඔබ පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන පිරිස අයවැයට විරුද්ධ වුණොත් ඔවුන්ට එරෙහිව පියවරක් ගන්නවාද?
සොයිසා - කැමති අයට කැමති විදියට ඡන්දය දීම සදහා ජනාධිපතිතුමා අවසරය දී තිඛෙනවා. අපේ පක්ෂයේ අයට පසුගිය කාලයේ නායකත්වය ගන්නා තීරණ හමුවේ ගොලූවා කසාය බිව්වා වගේ ඉන්න සිදුවුණා. නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය තිඛෙනවා.
ප්‍රශ්නය - දේශපාලන රැදවියන්ට නිදහස දෙන ලෙස ඉල්ලා යාපනයේ දී තරුණයෙක් දුම්රියට පැන දිවි නසාගෙන තිඛෙනවා. ඒ ගැන රජයේ අදහස කුමක්ද?
වීරක්කොඩි - මේ සිදුවීම ගැන මම තවම දන්නේ නැහැ. එවැන්නක් වී ඇත්නම් ඒ තරුණයාගේ ජීවිතය ගැන කණගාටු වෙනවා. ඒත් කෙනෙක් දිවි නසා ගත් පළියටම ඉල්ලන දේ දීමට තරම් රජයක් දුර්වල විය යුතු නැහැ.
ප්‍රශ්නය - උතුරේ මහ විරු සතිය සැමරීමට සූදානමක් ඇති බව කියනවා. ඒ ගැන ඔබතුමන්ලාගේ ස්ථාවරය කුමක්ද?
වීරක්කොඩි - රටේ නීතියට පටහැනි කිසිවක් කිරීමට ඉඩ දිය යුතු නැහැ. එවැනි සැමරුම් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
ප්‍රශ්නය - අයවැය ගැන ඔබතුමාලගේ ස්ථාවරය කුමක්ද?
වීරක්කොඩි - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප එයට පක්ෂව ඡන්දය දෙනවා.
ප්‍රශ්නය - අයවැයෙන් දෙන බව කී මූලික වැටුපට දීමනා එකතු කිරීම සිදුවුණේ නැහැ. ඒ ගැන අදහස කුමක්ද?
වීරක්කොඩි - එය නොලැබීම ගැන අපි කණගාටු වෙනවා.
ප්‍රශ්නය - ඔබතුමාලගේ පක්ෂයේ විපක්ෂ නියෝජනය කරන සිව් දෙනෙක් ආණ්ඩුවට එක්වීමට යන බව කියනවා. එය ඇත්තක්ද?
වීරක්කොඩි - බලමු. මීට පෙර එවැනි දේ වී තිබෙනවා.




