‘රටේ ඒකීයත්වය නැති වෙන්නේ නෑ‘


‘මොනම තත්වයක් යටතේවත් රාජ්‍යයේ ඇති ඇති ඒකීයත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒකිය රාජ්‍ය  ව්‍යුහය එලෙසම පවත්වාගෙන යන අතරයි බලය විමධ්‍යගත කිරීම පිළිබදවයි රජය කල්පනා කරන්නේ. ඒ නිසා කිසිම ලෙසක ඒකිය භාවය පිළිබද වෙනසක් ඇතිවෙන්නෑ. ඒ වගේම බුද්ධ ධර්මයට මේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන ප්‍රමුඛ භාවය කිසිලෙසකින් වෙනස් වෙන්නේ නැහැ. එය මේ රටේ අනෙකුත් නායකයින් පවා පිළිගන්න කාරණයක් . ඒනිසා ඒකීය භාවයත් බුදු දහමට ඇති ප්‍රමුඛත්වයත් ආරක්ෂා කරනවා‘ යැයි විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද(24) මිල්ලනිය හල්තොට දී පැවසීය.

මෙහිදි පළාත් සභා සදහා පොලිස් සහ ඉඩම් බලතල ලබා දිම සම්බන්ධයෙන් අදහස් දැක්වු ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි ව්‍යවස්ථාව අනුව දැනටත් ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා විෂයක් වශයෙන් තිබෙන බවත් ඉඩම් සහ පොලිස් බලතල පිළිබඳ අනාගත ව්‍යවස්ථාවකදි ඇතුලත් කළ යුතු විධි විධාන මොනවාද කියන කාරණය ගැන අවසන් තීරණයක් ගෙන නැති බවත් කීවේය.