‘රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ඉල්ලයි‘


විදේශ ගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එතෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පවා පත්ව සිටි සමයක විදේශගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ශ්‍රී ලංකාව සමත් නොවීම කනගාටුවට කරුණකියි එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ ගැටළුවලට පිළියම් සොයන්නට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ ද ඔවුන්ගේ ඡන්ද ලබා ගත නොහැකි බැවින් බව ද ඔහු කීවේය.

එසේ වුව ද තිස් ලක්ෂයකට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් ඡන්ද අයිතිය දිය යුතු යැයි කී හදුන්නෙත්ති මහතා, ඒ සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇති බැවින් ඉක්මණින්ම තේරීම් කාරක සභාවක් පත් කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

webJVP_201511304