‘රට හදන්න ජාතික ආණ්ඩුවක් ඕනෑ‘ - ජනපති


‘අද අවශ්‍ය වනුයේ දේශපාලන බලය රැක ගැනීම නොව රට රැක ගැනීම යැයි ද, ඒ සඳහා කළ යුතු එකම දේ දේශපාලන පක්ෂ, වාද බේද අතහැර සමඟ වීම බව ද මෛත්‍රීපාල සිරිසේන ජනපති හම්බන්තොට දී පැවසීය.

මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කරමින් ඔහු එසේ කීවේය.

හම්බන්තොට සුදු දිසාපතිවරයකු වූ ලෙනාඩ් වුල්ෆ් සමයේ සිට හම්බන්තොට ඉපැරණි කෞතුක වස්තු එහි ඇත.

සර්ව පාක්ෂික ජාතික හෝ හවුල් යන කවර නමකින් හැඳින්වුවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනුයේ එවැනි ආණ්ඩුවක් බව ජනපති අවධාරණය කළේය.

කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාපක්ෂ සහ නිරූපමා රාජපක්ෂට ද ඇරැයුම් කර තිබුණත් ඔවුන්  පැමිණ සිටියේ නැත.

_DSC0408 _DSC0451 _DSC0458 _DSC0471 _DSC0522 _DSC0541 _DSC0546