පටු දේශපාලන වාසියට අරක්ගත්තවුන් නිසා රටේ ගමන් මඟ අඩාල වී ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
පෞද්ගලික අවශ්‍යතා පසෙක තබා රට වෙනුවෙන් එක් වී කටයුතු කරන්නැයි ද විජය කුමාරතුංග 28 වැනි ගුණසැමරුමේ දී හිටපු ජනපතිනිය කීවාය.
වංචාවෙන් දූෂණයෙන් තොර තම තමන්ගේ මල්ල පුරවා නොගන්නා රජයක් තමා වර්ථමානයේ දී අපේක්ෂා කරන බව ද හිටපු ජනපතිනිය සඳහන් කළාය.





