තමන් දේශපාලන වශයෙන් අනාථ වූවායැයි කියා ජනතාව අනාථ නොකරන ලෙස වර්ජනවලට සූදානම් වන වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී කීවේය.
වැඩවර්ජනවලට අර අදිමින් වෘත්තීය සමිති කිරීමට සූදානම් වන්නේ වෘත්තිය අරගලයක්ද දේශපාලන අරගලයක්දැයි විමසා සිටි අගමැතිවරයා බඩු මිල අඩු කරමින් ජනතාවට දුන් සහනවලට අකමැති නිසා වැඩ වර්ජනවලට අර අදින බවත් එහෙත් කළ යුත්තේ ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා මේසයට පැමිණීම බවත් කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අගමැති එලෙස පැවසීය.
‘‘සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය සේවය දියුණු කිරීමට උත්සාහ කරනවා.
වතුකරේ වැටුප් ප්‍රශ්නය ගැය අප කටයුතු කරනවා. එය අප දුන්නු පොරොන්දුවක්.
අප භාණ්ඩ රැසක මිල අඩු කළා. ගොවි ණය කපා හැරියා. තේ හා රබර්වලට සහනාධාර දුන්නා. මහපොළ ශිෂ්‍යත්ව දීමනා ඉහළ දැම්මා. ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් සඳහා සියයට 15ක පොලියක් දුන්නා.
ගැබිනි මව්වරුන්ට රුපියල් විසි දහසක දීමනාවක් දුන්නා. විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩු කළා.
ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 9100 සිට රුපියල් කෝටි 256 දක්වා කපා හැරියා. රණවිරුවන්ට රුපියල් ලක්ෂ පහ දක්වා විශේෂ බැංකු ණය ක්‍රමයක් ඇති කළා. ඉන්ධන මිල අඩු කළා.
මෙවැනි සහන රැසක් දුන්නා.
මේ වැඩකටයුතු සියල්ලම එක පාරට අපි ලබා දී තියෙනවා. මේ සහන ජනතාවට ගියා. ජනතාව ඒ සහන වින්දා.
මං අහන්නේ මේ වර්ජනය කරන්නේ තෙල් මිල අඩු කළාටද, නැත්නම් විශ්‍රාම දීමනාව වැඩි කළාටද? සමෘද්ධි දීමනාව වැඩි කළාටද?
ඊටීඑෆ් එකේ බිලියන 23 ගෙව්වේ නැති එකට එය වහාම ගෙවන්න කියලා වර්ජනය කරන්න. ඒක සාධාරණයි. නැත්නම් ඇයි කම්කරු ඇමතිතුමාට සහයෝගය දෙන්නේ නැත්තේ ඉතිරි අර්ථසාධක අරමුදල් ටික එකතු කරන්න. ‘‘

