(යොහාන් භාසුර)
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ‘රජරට රැජින’දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට අද (11) දහවල් ලක්වීම නිසා එම දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් යෙදවා නැවත ධාවනය ආරම්භ කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

