ඌව හිටපු මහ ඇමැතිවරයකුවන සමරවීර වීරවන්නි මහතා කොළඹ තිඹිරිගස්යායේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් පැවසූයේ රජය ගෙන යන ‘හම්බකරන දේශපාලනයට‘ තමන් විරුද්ධ බවයි.
‘‘දේශපාලනය කළ යුත්තේ සල්ලි පොට්ටනි ගැසීමට නොව පොදු ජන යහපත සඳහායි. රජයේ දේශපාලනයට අද තරුණයන් කෙළ ගහනවා. අපේ වෑයම එම තත්ත්වය මඟ හැර තරුණයන් දේශපාලනයට කැඳවා යහපාලනයක් හා ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගීමයි. අපට අවශ්‍ය මෛත්‍රී දේශපාලනයක්‘‘
ඡායාරූප සහ වීඩියෝ දසුන් - විශ්ව ගැමුණු ප්‍රියංකර








