‘රජයේ තාක්ෂණික ආයතනවල අධ්‍යාපනය නොමිලේ‘


දැනට මුදල් ගෙවා රජයේ තාක්ෂණික අධ්‍යාපන ආයතනයන් හි වෘත්තීය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සියලුම සිසුන් සඳහා ලබන වසරේ සිට කිසිදු අයකිරීමකින් තොරව වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට රජය තීරණය කළ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

2017 රජයේ අයවැය යෝජනාවක් අනුව මෙය ක‍්‍රියාත්මක වන බවත් ,ඒ අනුව ලබන ජනවාරි පළමු වැනිදා සිට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය, සාගර විශ්ව විද්‍යාලය, තාක්ෂණ විශ්ව විද්‍යාලය ඇතුළු  තම අමාත්‍යාංශය යටතේ පවතින සියලූම් තාක්ෂණික ආයතනයන්හි  වෘත්තීය අධ්‍යාපන පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව සැලසෙන බවද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කීය.

කොළඹ නාරාහේන්පිට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය.

අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේ සිට මෙම තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත‍්‍ර තුළ නිදහස් වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇති බවය.