‘රජය සමග නොයන දේශපාලන ගමන භයානකයි‘


ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් වන මානව හිමිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ නැතැයි ද,  යුක්තිය හා සාධාරණය ඉෂ්ට කර ගැනීම ඊටත් වඩා අමාරු යැයි ද, රජයේ දේශපාලන මාර්ගය හැර වෙනත් දේශපාලන ගමනක යෑම භයානක යැයිද  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ගම්පහ පක්ෂ කාර්යාලය විවෘත කරමින් පැවසීය.

රටට යහපතක් වන්නට නම් ජනතාව නොරවටන, ජනතාවගෙන් නොයැපෙන අවංක දේශපාලඥයන් සිටිය යුතු බව ද ෆොන්සේකා මහතා කීවේය.