‘රජය අස්විය යුතුයි ‘- දිනේෂ්


මුදල් රෙගුලාසියක් පරාජය විම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතුයැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද ප්‍රකාශ කළේය.

එසේ ඉල්ලා අස් නොවන්නේ නම් හෙට (08) රජය යළිත් ඡන්දයකට ගොස් එම පනත ජයගෙන පෙන්විය යුතුයැයි ඔහු කියා සිටියේය.

අගමැති , මුදල් ඇමැති , විපක්ෂ නායක ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැතිකම් ගත් මන්ත්‍රීවරුද ඡන්දය විමසන අවස්ථාවේ නොසිටි බවත් ඔහු කීවේය.

මෙම  රෙගුලාසියට විරුද්ධව ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නේය.දෙමළ සන්ධානය ද බොහෝ මැති ඇමැතිවරු ද ඡන්දය විමසන අවස්ථාවේදී එහි නොවුහ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව  රජය මෙවැනි අවස්ථාවකදී  ඉල්ලා අස්වීමේ ප්‍රශ්නයක් මතු නොවන බව ආණ්ඩුක්‍රම විශාරදයෝ කීප දෙනෙක්ම කීහ.

හිටපු ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවසුයේ අගමැති ,විපක්ෂ නායක හා මුදල් ඇමැති ඉල්ලා අස්විය යුතු බවයි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුයේ  රජය ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

‘අපි සුදානම් වුණේ 6.5 % - 7.5 % පොලියට භාණ්ඩාගාර බිල්පත් වලින් මුදල් ගැනීමයි.එය පරාජය කළා දැන් අපිට භාණ්ඩාගාර බැඳුම්කර මගින් 10.5% පොලීයට මුදල් ගන්න වෙනවා රජයේ අත්‍යවශ වියදම් සඳහා .ඒ බර මහජනයාට පැටෙව්වේ මේ රෙගුලාසිය පරාජය කිරීම නිසා .ඒ වගකීම විපක්ෂ බාර ගන්න ඕනෑ. ‘