හිටපු ජනපති පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඔහු ඩුබායි බලා පෞද්ගලික සංචාරයකට ගියේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරයි.
එම පෞද්ගලික සංචාරයට නාවික හමුදාපති අවසර දී ඇති බව ඔහුගේ සොයුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට පවසා ඇතැයිද හමුදා නිලධරයකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙද්දී නිවාඩු අනුමත කිරීම බලවත් වරදක් බව පෙනේ යැයිද ඔහු කියයි.
පෞද්ගලික සංචාරයකට නොව විවාහ ගිවිස ගැනීමකට පවා කලින් අවසර ගත යුතුව තිබියදී යෝෂිතට විශේෂ වරප්‍රසාද දෙනුයේ ඔහු හිටපු ජනපතිගේ පුත්‍රයකු නිසාදැයි වෛද්‍ය ජයතිස්ස ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරයි.
නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ලිපිය


