‘යෝෂිතට අනුකම්පා කරන්න එපා‘


යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ සානුකම්පිතව නොබලන ලෙසත්, යහපාලන ආණ්ඩුව මගින් හොරු අල්ලනවා යැයි කියූ නමුත් එය සිදු නොවන බවට දෝෂාරෝපණය කළ බවත්, යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ හොරු ඇල්ලීමේ කොටසක් ලෙස බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමක් හා දේශපාලනික පළිගැනීමක් නොවන බව  සාධාරණ සමාජයක් සඳහා වු  ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ සිය පුතා අත්අඩංගුවට ගත් විට සංවේදී ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි වල පළ කළද ප්‍රගීත් එක්නැලිගොඩ හා සරත් ෆොන්සේකා මහතාට සිදුවූ අසාධාරණකම් වලදී එම බිරින්දෑවරුන්ගේ හා පවුලේ  අයගේ ඇස්වල තිබුණේ කඳුළු නොවේදැයි යනුවෙනි.

DSC_12264 DSC_12603