යුරෝපයේ කොටි පෙන්වා ලංකාවේ මුවන් මැරීමට ඉඩ නොදෙන්නැයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහා පිටකෝට්ටේ දී පැවසීය.
අධිවේගී මාර්ග හදන්න වැඩි පොලියට ගන්නා ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන බවත්, ත්‍රීරෝද රථ රියදුරකු, යතුරුපැදිකරුවකු පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් වාහනයට ගසද්දී පාරවල් හැදීමට ගන්නා ණය වෙනුවෙන් රුපියල් 60ත් 90ත් අතර මුදලක් ගෙවන බවත්, එසේ ගෙවන ඔවුන්ට අධිවේගයේ ගමන් කිරීම තහනම් බවත් චම්පික රණවක මහතා පැවසීය.
ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය‘ නම් කෘතිය එළි දැක්වීමේ උළේලේ දී රණවක මහතා කීවේ ආර්ථික මෙහෙයවන මෙගා ඩීල් කරුවන් මේ ආණ්ඩුවේ සිටිනා බවයි.

