‘යුරෝපයට ගිය සංක්‍රමණිකයන් ගෙන්විය යුතුයි‘


යුද්ධයෙන් පසුව ජාතික සංහිඳියාව ගොඩනැගීම මෙන්ම  රටේ ආර්ථිකය  ගොඩනංවාලීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණක් බවත් , ඒ සඳහා යුරෝපයට සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගෙන රටේ ආර්ථිකය දියුණු කළ යුතු බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (16) කොළඹදී පැවසීය.

යාපනයේ හෝ වන්නියේ පාරවල් සංවර්ධනය කිරීම හෝ ගම්බිම් ඇති කිරීමෙන් පමණක්  රටේ නියම ආර්ථික සංවර්ධනයක් සිදු නොවන බවද අග‍්‍රාමාත්‍යවරයා එහිදී  වැඩිදුරටත් කීය.

මිනිස් ජාවාරම් ,නීතිවිරෝධී සංක‍්‍රමණ සහ රට රටවල් අතර වන අපරාධ මැඩපැවැත්වීම සඳහා වන බාලි සමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ 11 වැනි වාර්ෂික සැසිය අද කොළඹ ගාලූ මුවදොර හෝටලයේ පැවැත්වූ අතර එම සැසියේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් අගමැති එක්විය.

‘මම මේ සැසියේදී මිනිස් ජවාරම් සම්බන්ධයෙන් විස්තාරත්මක දත්ත වාර්තා දක්වන්නේ නැහැ. මොකද 2002 වසරේ සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කර ගෙන යන නිසා.ආසියා කලාපය තුළ හැමදාමත් සංක‍්‍රමණික ප‍්‍රශ්න පැවතුණා. ඒ ගැන රජයක් ලෙස අපි හැමදාමත් එකම මතයක හිටියා. ලන්දේසි ,බි‍්‍රතාන්‍ය යටත්විජිත කාලයන් දිහා බැලූ විට අපි දැක්ක දෙයක් තමයි ඒ කාලේ මිනිසුන් රට රටවලට සංක‍්‍රමණය කිරීමේදී නිශ්චිත ක‍්‍රමවේදයක් නොතිබුණු බව. නමුත් අප ස්වාධීන රාජ්‍යයන් බවට පත්වූ විට,මෙවැනි දෑ  දේශ සීමා වශයෙන් වෙන් වෙන් වශයෙන් පාලනය කළ යුතු බවට තීන්දු තීරණ ගනු ලැබුවා. වර්තමානය වන විට නීතිවිරෝධී සංක‍්‍රමණ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කිරීමට අපි තීරණය කළා‘

‘ඇමෙරිකාව තුළ දැන් ලොකු වෙනසක් ඇති වෙන්න යනවා කියලා ඔබ අපි සැමට පෙනෙන්නට යනවා. අද වනවිට එරටේ වසර 200කට පෙර තිබූ තත්ත්වය ඇති වෙලා,ඒ කියන්නේ විවිධ සංක‍්‍රමණික ප‍්‍රශ්නය නිසා අර්බුද ඇතිවන්ටත් ,රාජ්‍යයට බලපෑම් කරන තත්ත්වයට පත්වී ඇති බව දකින්නට ලැබෙනවා‘ යැයි ද අගමැති කීය.

DSC_0358 DSC_8674 DSC_8684