බෝ නොවන රෝග හේතුවෙන් ලංකාවේ වසරකට මිය යන ප්‍රමාණය යුද්ධයේදී මිය ගිය ප්‍රමාණයටත් වඩා වැඩි යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. අපස්මාර රෝගය නිවාරණය සඳහා සිදුකළ වැඩසටහන් ඇගයීමේ උත්සවය හා කලා උළෙල ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණු අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීවේය.
‘අද බෝවෙන රෝග මර්දනය ඉතාමත් හොඳයි. අප රටේ ඉහළ යාමකට ඇත්තේ එච්අයිවී ආසාදිතයන් ප්‍රමාණයි. බෝ නොවන රෝග ප්‍රමාණය ඉතා වැඩියි‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
එහිදී අපස්මාර රෝගය නිවාරණයට කැපවූ වෛද්‍යවරු හා ඊට සම්බන්ධ වැඩසටහන්වලට දායකත්වය දැක්වූ කලාකරුවන් ඇගයීමට ලක්විය. එම අවස්ථාවේදී අපස්මාර රෝග තත්ත්වය ගැන කියැවෙන ගීතයක්ද ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ඇතුළු පිරිස ගායනා කළ අතර ඒ සම්බන්ධ වේදිකා නාට්‍ය කිහිපයක්ද රඟදැක්විණි.







