‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් බලයක් තිබුණා. මහ ජනතාව ඔහු සමග කටයුතු කිරීම නිසා යුද ජයග‍්‍රණය ලබා ගැනීමට හැකි වුණා. එම ජයග‍්‍රහණය ලබාගැනීමට ජීවිත ලක්ෂයකට වඩා වන්දිගෙවන්නට සිදු වුණා. යුද ජයග‍්‍රණයේ ගෞරවය ඒ සදහා කැප වූ සැමට හිමිවිය යුතුය. එය තනි පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණයක් නොවිය යුතුයි. ‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුරයේ දී කීවේය.
මේ වන විට රට තුළ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වෙලා. ලිංගික අපචාර, කාන්තා හිංසනය, ළමා අපචාර වැඩි වෙලා. එතනෝල්, කැසිනෝ, ගණිකා ව්‍යාපාර, රටේ මූලික ආදායම් මාර්ගයක් බවට පත් වලා. සංවර්ධනය ලෙස මහා මාර්ග ඉදි කර ඉන්වැඩි කොටසක් පවුලේ සුඛවිහරණය සදහා යොදා ගත්තා. ජනතාවගේ කුසගින්න ඔවුනට අමතක වුණා. ජනතාවට වැඩි බදුමුදල් පණවමින් කැසිනෝ ව්‍යාපාර සදහා බදුමුදල් අහෝසි කළා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන කාලයේදී ගොවි ජනතාවගේ යහපත සදහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කලත් ජනාධිපතිවරයා ඒ කිසිවක් ක‍්‍රියාත්මක කළේ නැහැ. ‘

