‘යුද වීරයාගේ නම තාම හමුදා ලැයිස්තුවේ නෑ‘


මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන්  තරු පටි ගැලවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා  සියලු චෝදනාවලින් නිදහස් කර නැවත තරුපටි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළද ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර නැත.

ෆොන්සේකා මහතාගේ තරුපටි ගැලවූ පසු ඔහු හිටපු හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කැරිණි.

යුද හමුදා වෙබ් අඩවියේ අලුත් තොරතුරු දිනපතා යාවත්කාලීන කළ ද යුද හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවට ෆොන්සේකා මහතා නම අද පස්වරු 1.30 වන විටත් ඇතුළත් කර නොතිබිණි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරුන්ගේ ලැයිස්තුව බලන්නකුට හැඟී යන්නේ 2005 දෙසැම්බර 05 වැනි දා සිට 2009 ජූලි 15 වැනි දා තෙක් හමුතාපතිවරයකු සේවය කර  නැති සැටියකි.

ජනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ මහතා 2004 ජූලි පළමු වැනි දා සිට 2005 දෙසැම්බර 05 වැනි දා තෙක් සේවය කර ඇතැයි සඳහන් වන අතර ඉන් පසු ඇත්තේ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ නමයි. ඒ 2009 ජූලි 15 සිට 2013 ජූලි 31 දක්වා යනුවෙනි.

2009 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය පරාජය කළ යුද්ධයට නායකත්වය දුන්නේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.

Untitled-1