‘යුද විරුවාටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය සමානයි‘


යුද වීරයකුටත් ,දේශපාලනඥයකුටත්,  සාමාන්‍ය වැසියකුටත් ,මේ රටේ පවතින්නේ  එකම පොදු නීතීයක් යැයි ජනාධිපති නිතිඥ  ශ්‍රීනාත්  පෙරේරා මහතා කොළඹ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීරණ ඉදිරිපිට දී මාධ්‍යට  පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ජයන්ත කැටගොඩ මහතා සහ  හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර පැවැති  නඩු විභාගයේදී  ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන්  තමන්  ඉදිරිපත් වීමට විරුද්ධව ෆොන්සේකා මහතා ඉකුත්දා මාධ්‍ය හමුවේ පැවැසු ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන්  ශ්‍රීනාත් පෙරේරා  අදහස් දැක්වීය.

යුද වීරයකු. නමුත් ඔහුද රටේ පොදු නීතියට එකඟ විය යුතු බවත් මා ඇතුළු ඕනෑම නීතීඥවරයකුට  තමන් කැමැති සේවාදායකයකු වෙනුවෙන් තම සේවාව ලබා දිය හැකි බව  ඔහු නොදන්නේ මන්දැයිද ශ්‍රීනාත් මහතා විමසා සිටියේය.

 

 

RDS_8204 RDS_8212