‘යාපනය සංවර්ධනය නොකර පලාලිය හදන්න එපා‘


යාපනය වරාය හා පලාලි ගුවන්තොට සංවර්ධනය කිරීමට පෙර අවතැන් සියලු වැසියන් නැවත පදිංචි කොට අවසන් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

පලාලි ගුවන්තොට සංවර්ධනය කිරීමට විරෝධය පළ කළේ යාපනය උතුරු වලිකාමම්හි නැවත පදිංචි කරවීම තවමත් සිදු නොවීම නිසා බව ද ප්‍රධාන ඇමැති කීවේය.

විග්නේෂ්වරන් මහතා මේ බව කීවේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ය.