‘යහපාලනයෙන් හමුදාවට නිසි තැන දුන්නා‘


ඒකාධිපති රාජපක්ෂ රෙජීමය තණකොළ කැපීමට, කාණු සුද්ධ කිරීමට සහ පාරවල් අතුගෑමට යෙදවූ අපේ වීරෝදාර රණවිරුවන් වර්තමානයේ ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම්වලට යොමු කිරීමට හැකිවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) සිරිකොතේ දී පැවසීය.

‘රටත් ජනතාවත් ණය කර ‘එයාර් - බස්‘ මිලදී ගැනීම සඳහා  කෝටි ගණන් වැය කළාක් මෙන් විශාල අහස් යානා දෙකක් අපේ ගුවන් හමුදාව වෙත මිලදී ගැනීමට එදා ක්‍රියා කළා නම් මීටත් වඩා සැලකිලි ජාත්‍යන්තරයෙන් අපට ලැබෙන්න තිබුණා.‘

නේපාලයේ ඇති වූ හදිසි භූමිකම්පාවේ දී නේපාලයට ගොස් එහි මානුෂීය වැඩ කටයුතු වලදී හැකි උපරිමයෙන් දායක වූ බව ද අගමැති කීවේය.

යහපාලනය යටතේ අපේ ත්‍රවිධ හමුදාවට නිසි ගෞරවය හා පිළිගැනීම ලබා දී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.