‘යහපාලනය දැන් අවසන්‘ - හිටපු ජනපති මහින්ද


හම්බන්තොට දී ජනතාව සාමකාමිව පැවැත්වු විරෝධය මර්දනය කිරිම සදහා භික්ෂුන් වහන්සේලාට පවා පහරදීමෙන් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ අධිපත්‍යය යහපාලන රජය මේ වන විට අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) මහනුවරදී දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු පැවැසිය.

අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් ද බැහැ දැක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා පැවසූයේ හම්බන්තොට ගැන කිසිම දැනීමක් නොමැතිව නිලධාරින් විසින් කියන දේ කියන බවත් එසේ පැමිණ මහනායක හිමිවරුන්ට පවසන භාගයක්ම බොරු බවත් කීවේය.

රජය පෙරළීමේ ලක්ෂණ මේ වන විට පෙන්වා ඇති බවත් විජයකලා මහේශවරන් කළ ප්‍රකාශය බරපතල බවත් ආණ්ඩුවට එය නොතේරෙන බවත් රාජපක්ෂ මහතා කීය.

6-(1) 9b 113-(2)