‘යහපාලන නායකයින්ට වස්කවි කියන්න ඕනෑ‘


සියලු තැන්වලින් පේන්නේ මේ රට ආපස්සට යාමක් බවත් යහපාලන ආණ්ඩුවේ නායකයින්ට වස් කවි කියන්න ඕනෑ බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

‘සම්පූර්ණයෙන්ම වගේ රටේ සන්නද්ධ බුද්ධි අංශ අක්‍රිය කරලා. නිහඬ කරවලා. හිතා මතාම අක්‍රිය කරවලා. මේ මොන නිවට කමක්ද? මේකද අපි බලාපොරොත්තුවෙච්ච යහපාලනය? රටේ හදවත බඳුයි රටක බුද්ධි අංශය. ජනපති හා අගමැති ඇතුළු මේ කවුරුත් ජාතික ආරක්ෂාව පිළිබඳ මොනම ආකාරයක තැකීමක් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරන කැමැතියි. දැන් මේ දේවල් කරන්නේ ගෙම්බෝ වගේ ඇමැතිවරු. අර ආණ්ඩුවෙත් ඉන්නවා මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඇවිත් බක බක ගානවා‘ යැයිද ඥානසාර හිමියෝ කීහ.

Bodubala_20151117C0040