ජාත්‍යන්තරයට හිතකර යහපාලනයක් ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක ඊට විරුද්ධ බලවේග ගොඩනැගෙමින් පවතින බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා බලපිටියේදී පැවසීය.
‘මිතුරු බලවේගත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ යහපාලනයට ප්‍රශ්න ඇති කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සිද්ධිය පිළිබඳව මට කියන්න බෑ. ඒක ඇත්තද බොරුද කියලා. තමන්ගේ ඩිෆෙන්ඩර් රථය, ආරක්ෂකයෝ එතැනට ගියානම් කෙනෙක්ට තර්ජනය කළානම් ඒක යහපාලනයට විරුද්ධ ක්‍රියාවක්. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපට කියන්න තියෙන්නේ යහපාලන කිරිහට්ටියට ගොම පොඩ්ඩක් වැටුනම මොකද වෙන්නේ. කරුණාකරලා මන්ත්‍රීතුමියගෙන් මම ඉල්ලන්නේ මේ ගොම පොඩ්ඩ ඉවත් කරදෙන ලෙසයි‘ යනුවෙන් ධනවංශ මහතා කීවේය.

