(ඩයනා උදයංගනී)
යහපාලන කිරි කලයට දවසින් දවස ගොම බින්දු එකතු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියයි. බැඳුම්කර සිද්ධියෙන් එයට ගොම තලියක්ම එක්වූ බව ද සභාපතිවරයා කියයි.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද(28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සම්මුතිවාදී ආණ්ඩුවේ දැනට ප‍්‍රශ්නයක් නැතත් සමහර නායකයින්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ ගැටළු ඇති වී තිබෙන බව පවසන බණ්ඩාර මහතා ආණ්ඩුව ඉදිරියට ගෙනයාමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිතුමාට පමණක් නොව අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව නියෝජනය කරන සියලූ දෙනාටම එම වගකීම තිබෙන බව ද කියයි. ඔවුන් යහපාලන ප‍්‍රතිපත්ති ආරක්‍ෂා නොකළොත් ඉදිරියේ දී යම් යම් තීන්දු ගැනෙනු ඇතැයි ද සභාපතිවරයා පවසයි.

