පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසයි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිය වර්ෂ අවසාන මාධ්‍ය හමුවට එක් වෙමින් බෑන් කී මූන් මේ බව ප‍්‍රකාශ කළේය.
දුෂ්කර වාතාවරණයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ දේශපාලන වශයෙන් ප‍්‍රගතියක් ඇතිවී තිබෙන බවත් විශේෂයෙන්ම ඉකුත් වසරේ ලංකාවේ සිදුවූ බල හුවමාරුව දිරිගන්වන සුලු බවද හෙතෙම මාධ්‍ය හමුවේදී කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වැනි සංවත්සරය ,තිරසාර සංවර්ධනයට ගෙන ඇති පියවර , කාලගුණ විපර්යාසයට එරෙහි ලෝක ක‍්‍රියාකාරීත්වය , ගැටුම් විසඳීම සහ මානුෂික සහාය පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී අදහස් දැක්වූයේය.
ලොව ගැටුම්කාරී වාතාවරණයක් පවතිද්දී සාමය ගොඩනැඟීමේ ක‍්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් සක‍්‍රීය ලෙස දායක වන බවත් ඔහු කීවේය.

