ආණ්ඩුව ඊණියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවා වී හවුල් ආණ්ඩුවක් ගොඩ නඟා ඇතැයි ද, පසුගිය ජනවාරි අට වැනි දා ජනතාව විසින් පරාජය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 27 දෙනකුට කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමා ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියයි.
‘මේ පිරිස අතර පසුගිය ආණ්ඩු සමයේ වංචා දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ද සිටින තත්වයක් යටතේ යහපාලනය සඳහා පත්වූයේයැයි කියනු ලබන ආණ්ඩුව, වංචා දූෂණ සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.
ඇති වූ නව දේශපාලන වර්ධනය දැඩි සැලකිල්ලට ලක්කළ ජනතා විමුක්ති පෙරමුණ මතු වී ඇති තත්වය ජාතික විධායක සභාවේදී ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වුවද ආණ්ඩුව විසින් අද (24) නියමිත වූ විධායක සභා රැස්වීම හදිසියේ අවලංගු කර තිබේ. එබැවින් නව තත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් විධායක සභාව කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
එසේම නව දේශපාලන වර්ධනයන්හි පෙළ ගැසීම සියුම්ව නිරීක්ෂණය කරන ජනතා විමුක්ති පෙරමුණ, තවදුරටත් ජාතික විධායක සභාවට මැදිහත් විය යුතුද නැත්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. එම සාකච්ඡාවලින් අනතුරුව ජාතික විධායක සභාවේ සභභාගිත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.‘

