‘මොණරාගල යකා කියන තරම් කළු නෑ‘


බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙනී යතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මොණරාගල දිසාපති කාර්යාලයයේ දී පැවසීය.

මානව හිමිකම් කොමිසමේ ද පොලිසියේ ද නිලධරයන් අමතමින් ඔහු පැවසුවේ පොලිසිය යනු ලයිසන් ලැබූ චණ්ඩින් පිරිසක් බවයි.

‘ඔවුන් ඉතිරි දවස් දහයත් අල්ලාගෙන ඉන්න ඕනෑ. ඡන්ද නීතිය බය නැතිව හරියට ක්‍රියාත්මක කරන්න. නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා. එසේ කරන අය රැක ගැනීමට පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් වන බව මා සහතික වෙනවා. ‘