‘මෛත්‍රීත් මහින්ද වගේමයි‘


බ්‍රිතාන්‍ය නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිපිටදී කොටි හිතවාදීහු පිරිසක් උද්ඝෝෂණ පවත්වා ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සංවිධානය කළැයි කියන උද්ඝෝෂණයට ලන්ඩනයේ දෙමළ තරුණ තරුණියන් රැසක්ද සහභාගීවී ඇතැයි කියති. රාජපක්ෂ රජය මෙන්ම වත්මන් රජයද දෙමළ ජනයාට සහන සලසා දී නැතැයි කියමින් ඔවුහු උද්ඝෝෂණය කර ඇත.

මේ අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ හෙට (11) හමුවීමට නියමිතය.

ජනපති බිරිය, විදේශ ඇමැති මංගල සමරවීර, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා හා ජනපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිස් නෝනිස් යන පිරිසද බකිම්හැම් මාළිගයේදී රැජිණ හමුවීමේ අවස්ථාවට එක්වෙති.