‘මෛත්‍රීට කිසි වරදක් කළේ නැහැ‘-ජනපති


මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය මඟේහි තමන් නොයන බව පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන නියෝජිතයෝ සෝමාවති පුද බිමේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ජනපතිට කීහ.

නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ධනයෙන් සෝමාවතීයේ අලුතින් ඉදි කළ දෙමහල් ධර්මශාලාව විවෘත කිරීමේ උත්වයකට සහභාගී වු අවස්ථාවේ ජනපතිට ඔවුහු මේ බව කීහ.

හිටපු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා කිසිම වරදක් නොකළ බවද ජනපති එහිදී කීවේය.

නියෝජ ඇමැති ගම්ලත් ,චන්ද්‍රසිරි සුරියආරච්චි,පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පළාත් ඇමැති ආර් එම් පී බී රත්නායක මහත්වරු මේ අවස්ථාවට එක්වුහ.