‘මෛත්‍රීගේ දින 100 වෛරයෙන් පිරිලා‘


‘ඉස්සර කැබිනට් එක වැඩියි කිව්වා. අද විධායක ජනාධිපතිවරු ගොඩක් ඉන්නවා. කවුද දන්නේ නෑ විධායක ජනාධිපති. ඡන්දෙන් ආවේ එක්කෙනයි. දැන් පත්වෙලා ඉන්නවා ගොඩක්. ඔක්කෝටම ඕනේ අපිව අල්ලගන්න‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය ශ්‍රී සම්බෝධි විහාරයේ බෝධි පූජාවකට සහභාගිවී සමන් දේවාශිර්වාදයද ලබා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

‘ගෙවුණු දින 100 පළිගැනීම්වලින් පිරිච්ච දින 100ක්. රාජිත මහතා කිව්වාලු මට ජම්පර් අන්දනවා කියලා. මම මාස 3 ක් ඉඳලා ආපු කෙනෙක්. අපිව හිරගෙවල්වල දැම්මත් කූඩු කළත් ජනතාවගේ හදවත්වල කූඩුවෙලා ඉන්නවා‘ යැයිද හිටපු ජනපතිවරයා කීවේය.

නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඔරුවේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් බෝධිපූජාව පැවැත්වුනි අතර රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මොරපේ කුසලඥාන යන හිමිවරුද එම අවස්ථාවට එක්වූහ.

A B C D