අද රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
ඔහු අය වැය විවාදයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ ගැන කතා කරමින් එසේ කීවේය.
‘පොඩ්ඩක් ඉන්න අපේ පොදු අපේක්ෂකයා කවුදැයි කිව්වොත් ඔය ගොල්ලෝ බය වේවි.ඇග කිලිපොලා යාවි.මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨයන්ට බොරු නම්බුනාම දීලා කොන් කළා. ඇමැති තනතුරකට වයසක් නෑ.දිමු ජයරත්න මහතා අගමැතිකම කරන්නේ.ජේ ආර් ජනපති වුණේ අවුරුදු හැත්තෑ හතේදී අද චණ්ඩින් වෙලා ඉන්නේ ඊයේ පෙරේදා අපු කනිෂ්ඨයෝ.‘

