‘මෛත්‍රී සභාපතිකමට යෝජනා කළේ මහින්ද‘


‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ  සභාපති  හැටියට  පත් වුණේ  කිසිදු බලපෑමකින් නොවේ. එතුමා  මහින්ද රාජපක්ෂ හිටපු  ජනපති සමඟ කථානායක නිල නිවසේ දී  සෘජුව සාකච්ජා කිරිමෙන්  පසු හිටපු  ජනාධිපති තමයි යෝජනා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂයේ සභාපතිකම බාර ගන්න  කියලා. එතුමා  පක්ෂයට  තියන ආදරය නිසාම එය බාරගෙන කටයුතු කරන්න පටන් ගත්තා විතරයි. එ්කාබද්ධ විපක්ෂය කියලා පාර්ලිමේන්තුවේ කථානායකවරයාවත් පිළිගන්නේ නැති කණ්ඩායමක් හදාගෙන මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපතිවරයාගේ  කුකුලෙන් අදින්න පටන්ගත්තා‘ යැයි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ පානදුර සංවිධායක අමාත්‍ය  මහින්ද සමරසිංහ මහතා අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී  පැවසුවේය.

web_slfp_201632155