‘මෛත්‍රී රජවන බව දැන සිටියා‘


තමා එක්සත් ජාතික පාක්ෂිකයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 10 ක් 15 ක් බලයේ සිටීමට හැකියාව ලැබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාවූ සුමනදාස අබේගුණවර්ධන මහතා යැයි සුමනදාස අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනේදී ප්‍රකාශ කළේය. ඔහු එසේ කීවේ තමන් මින් පසු ජ්‍යෙතිෂ අනාවැකි නොකියන බවද ප්‍රකාශ කරමිනි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට රාජ යෝගයක් තිබූ බව තමා පසුගිය නොවැම්බර් මැද වන තුරු දැන සිටියත් වසර 32ක්ම මහින්ද රාජපක්ෂ මහතා ඉතා සමීපයෙන් ඇසුරු කළ නිසා ඔහුට ඒ බව නොකී බවද ඔහු කීවේය. 

එසේ දැනගත් නමුත් සුමනදාස අබේගුණවර්ධන කීවේ මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් ස්ථිර ලෙසම ජනපති පදවියට පත්වන බවයි.

රාජකීය දෛවඥයාවූ තමා කෑලි පහේ විදුලි පන්දමකට සමාන කරගත් සුමනදාස අබේගුණවර්ධන මහතා බැටරි බැස ගිය ටෝච් කෑලි පාවිච්චි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගැනීම නිසා හොද්දට ලුණු ඇඹුල් වැඩිවීමෙන් ඔහුගේ පරාජය සිදුවූ බවද එහිදී කීවේය.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා වැඩසටහන මෙහෙයවීය.