මෛත්‍රිපාල රජයට සහාය නොදෙන සියලු පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේදී අද (26) ප්‍රකාශ කළේය.
ඔහු එසේ කීවේ පළාත් පාලන හා මහජන නියෝජිත හමුවකදී ය. දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් 59 දෙනකුට ඇරයුම් කර තිබුණද පැමිණියේ 17 දෙනකු පමණි.
මැදිරිගිරියේ පළාත් පාලන ආයතන දෙකක සභාපතිවරුන් වෙනස් කළ බවත් ඇමැති කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන මැතිවරණයේදී බුලත් කොළයෙන් තරඟ කරන බවද ගුණවර්ධන මහතා පැවසීය.
‘‘චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ළඟ තවත් ඇමැති ධූර 10 ක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුසු අයට එය ඉදිරියේදී බෙදා දෙනවා.‘‘

