ජනපතිවරණ සමයේ දිඹුලාගලදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද කාර්යාලයක් වනසා ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි තබා පහරදුන් බව කියන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිසක් දැන් සිරිසේන මහතාට සහයෝගය දීමට ඉදිරිපත්වී ඇතැයිද ඊට විරෝධය පළ කරන්නේ යැයිද ඔවුන් වහා අත් අඩංගුවට ගන්නැයිද බල කරමින් දිඹුලාගල මහා සංඝරත්නය හා ගැමියෝ දෙපැයක පමණ උද්ඝෝෂණයක් කළහ.
දිඹුලාගල අරණ්‍ය සේනාසනයේ හිටපු ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර හිමියන් ඇතුළු භික්ෂූහුදු පොළොන්නරුව-මඩකලපුව මාර්ගයේ උද්ඝෝෂණයක් කළහ.
සැකකරුවන් අත් අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසීමෙන් පසුව උද්ඝෝෂණය අවසන් විය.





