‘මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන අප්‍රේල් මාසයේදී අගමැතිකම දෙන්නයි හිටියේ.ඒත් එතුමා එය විශ්වාස කළේ නෑ.හිටපු මහ ලේකම්තුමා රනිල්ගේ ඇම ගිල්ලා.නමුත් මේ රටේ ජනාධිපතිවරයාට තියෙන ජනවරම කාටවත් හොල්ලන්න බෑ ‘ යැයි පොළොන්නරුව සන්ධාන මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා මැදිරිගිරියේදී පැවසීය.
‘හෙට අනිද්දා මේ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් යූඑන්පියට යන්නත් පුළුවන්. නොයන්නත් පුළුවන්. මහින්ද රාජපක්ෂ සමඟ තරඟ කර රනිල්ටවත් සජිත්ටවත් ජනාධිපති වෙන්න බෑ.ඒකයි අපේ හිටපු මහ ලේකම්තුමා ඉදිරිපත් කළේ.‘

