“මේ අය - වැය ඉදිරිපත් කරන කොට මම හිතාගෙන හිටියේ අඩුම තරමින් අට වම්බටු-නව සුංගම් අය-වැයක් කියලවත් කියන්න පුළුවන් වේවි කියලයි. නමුත් අය-වැය කතාව අහලා ඉවර වුණාම හිතුණා ‘මේක නොම වම්බටු - නව සුංගම් අය-වැයක් කියලා‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු සභා ගැබේදී මාධ්‍ය හමුවේ පැවසීය.
‘අට වම්බටු’ කියන්නේ වම්බටු ජාති 08යි. ‘නව සුංගම්’ කියන්නේ බදු වර්ග 09ක්. ‘8ක් දීලා ඒකට බදු වර්ග 9ක් ගහනවා’ කියන එකයි ඉන් කියැවෙන්නේ. මේක ජනතාවට කිසිවක් නොදී බදු පිට බදු ගැසූ අය-වැයක් බව පෙනුණා. මේක දුර්වල අය-වැයක්. ඒ නිසා අපි කියනවා මුදල් ඇමතිවරයාට, 2016 වගේ මේ සැරෙත් අය-වැය කිහිපයක් ගෙන එන්න හදන්න එපා කියලා.” යැයිද වීරවංශ මහතා කීය.