ගිය රජය සමයේ දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූවන් වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති උපදේශක තිලක් මාරපන යන මහත්වරුන් නීතිඥ සහාය ලබාදී ඇති හෙයින් නව රජයේ දූෂණ වංචා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගලදී පැවසීය.
මාරපන මහතා මෙම රජයේ වංචා දූෂණ විමර්ශන කමිටුවේ සාමාජිකයකු බවද ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ ප්‍රධානියාට විදේශගතවීමට අවසර දී ඇත්තේ ඔහුගේ නීතිවේදියාගේ මත යැයිද කීවේය.
මේ ආකාරයෙන් හොරුන් ඇල්ලිය නොහැකි බවත් මෙය ජනතාව රැවටීමේ සෙල්ලමක් බවත් ඔහු කීවේය.

