මේ වසරේ කිසිම මැතිවරණයක් නොපැවෙත්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
සීමා නිර්ණය කොමිසමේ වැඩ අවසන් නොවීම නිසා පළාත් පාලන ඡන්දයද ඒ අනුව නොපැවැත්වේ.
පළාත් පාලන ආයතන රැසක ආයු කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.
පළාත් පාලන ඡන්දය වහා පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය රජයට බල කරයි.

