බස්නාහිර පළාතේ පාසල්වල තීන්ත ආලේප කිරීම සදහා අධ්‍යාපන පළාත් දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දී තිබියදීත් දිගින් දිගටම සිසුන්ගෙන් මුදල් එකතු කරන බවත්, ඒ ගැන පළාත් ප්‍රධාන අමාත්‍යවරයාටත්, නිලධාරීන්ටත් අවස්ථා කිහිපයකදී පැමිණිලි කළ බවත්, ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවත්, හොරණ කලාපයේ සිසුවියකට පොල් සොරකම් කර තීන්ත ගෑමට මුදල් සොයා ගැනීමට සිදුවූයේ ද ඒ නිසා බවත් ලංකා ගුරු සංගමය කියයි.
මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට ගොදුරුවූ සිසුවිය තවදුරටත් සමාජ අපවාදයට ලක් නොවන ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ලංකා ගුරු සංගමය අදාළ සියලූ බලධාරීන්ට අවධාරණය කොට සිටින බව ද එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්රෙකාශ කරයිග