මෙය හිඟන්නාට පවුඩර් දැම්මා වැනි අයවැයක් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අයවැය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසූ ඒ මහතා මේ අයවැය තනිකරම පුස් බංකොළොත් අයවැයක් බවත් මේ අයවැයෙන් ජනතාවට ලැබුණු සහනයක් නැති බවත් කීය.වී, රබර්, තේ ගොවියාට දෙන බව කිවූ සහන කිසිවක් අයවැය ලේඛනයට ඇතුළත් කර නැතැයිද ඔහු කීවේය.

