ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සා කිරීම් 15,000ක් පමණ සිදුවන බවත්, එමගින් කාන්තාවන් 10 දෙනකු පමණ මියයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
සෑම වසරකම කාන්තාවන් ලක්‍ෂ 4ක් ගර්භනීභාවයට පත්වන අතර ඉන් 24,000ක් පමණ අඩු වයස් මව්වරුන් බවද ඇය සඳහන් කළාය.
ගර්භනී මව්වරුන් ගේ සිය දිවි නසාගැනීම් ද ඉහළ ගොස් ඇතැයි කී ඇය 2013 වසරේ දී එවැනි සියදිවි නසාගැනීම් 50ක් වාර්තා වී ඇතැයි කියා සිටියාය.
සෑම වසරකම දරු ප‍්‍රසූතියේදීද කාන්තාවන් 140ක් මරණයට පත්වන බව වෛද්‍යවරිය කීවාය.

